ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජුනි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-06-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසාන කෙටුම්පත්
‘B’ :  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපත ලැබී ඇති බව
‘C’ :  කාරක සභා නිවේදන සඳහා ඩිජිටල් ප්‍රදර්ශන පුවරු ස්ථාපනය කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2016 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii)    2016 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ
(iii)   2016 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ
(iv)   2016 වර්ෂය සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ
(v)    2016 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ
(vi)   2016 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii)  2016 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ
(viii)  2016 වර්ෂය සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ
(ix)   2016 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ
(x)    2016 වර්ෂය සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ
(xi)   2016 වර්ෂය සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ
(xii)  2016 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා


(xiii)    2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 6 වගන්තියේ (ඉ) ඡේදය සහ 21 වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 51 වගන්තිය යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 06 දිනැති අංක 1996/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xiv)    2014 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව

(xv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණික අධ්‍යයන පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2017 අප්‍රේල් 19 දිනැති අංක 2015/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(xvi)    1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ (3) උප වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ  සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 මැයි 19 දිනැති අංක 2019/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජෝන් අමරතුංග මහතා                    
(ii)   ගරු අජිත් පී. පෙරේරා මහතා                    -    පෙත්සම් හයයි
(iii)  ගරු අශෝක් අබේසිංහ මහතා                   
(iv)  ගරු වාසුදේව නානායක්කාර මහතා             -    පෙත්සම් දෙකයි
(v)   ගරු එම්. එස්. තෞෆික් මහතා                   -    පෙත්සම් දෙකයි
(vi)  ගරු කේ. කේ. පියදාස මහතා
(vii) ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
‘සයිටම්’ කාරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය පීඨ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ආණ්ඩුව අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පේදුරුතුඩුවේ ධීවර වරායක් සංවර්ධනය කිරීම සඳහා ඉඩම් ලබාගැනීම

(iii)    ගරු අනුර දිසානායක මහතා
ග්‍රාම නිලධාරී සේවය සඳහා විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය

 

අමාත්‍යාංශ නිවේදන

(i)    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ‍්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය

(ii)    තට්ටංකුලම් නැවත පදිංචි කළ ගම්මානයට බලපා ඇති පානීය ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් 2017.05.26 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් පිළිතුරු සපයන ලදී

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර විනාශය වැළැක්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2017 ජුනි මස 09 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි