මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
දිනය : | 2017-05-09 |
2017 මැයි මස 3 සහ 17 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 මැයි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2017 මැයි මස 23 වැනි අඟහරුවාදා |
|
ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
ප.ව. 02.00 සිට ප.ව. 06.30 | 2015 අංක 16 දරන විසර්ජන පනත යටතේ යෝජනා හතක් (මෙම යෝජනා 2017.05.05 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 6(1) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
2017 මැයි මස 24 වැනි බදාදා |
|
ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
ප.ව. 02.00 සිට ප.ව. 06.30 | විදේශ විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (2017.05.05 දින අංක 165 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 4 බලන්න) |
ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ඉ.ත.අ.ක.) |
2017 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “පුද්ගලික සමාගමකට මොණරාගල සහ බිබිලේ ප්‍රදේශයෙන් ඉඩම් ලබාදීම” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.) |
2017 මැයි මස 26 වැනි සිකුරාදා |
|
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | දිවිනැගුම පනත යටතේ නියෝග (මෙම නියෝග 2017.05.03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනාව 2017.05.05 දින නිකුත් කළ පාර්ලිමේන්තුවේ අංක 6(1) දරන පරිපූරකයේ පළ කරන ලදී) |
ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජ.නි.ස.) |