ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම සමඟ එක්ව යෝජිත පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය පිහිටුවීම

දිනය : 2018-02-27

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට අදාළව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය හා ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම අතර 2018 වර්ෂය සඳහා සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 පෙබරවාරි මස 23 වැනි දින සිදුවිය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ඇතුළු අනෙකුත් දේශපාලන නියෝජිතයින්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම සහ පර්යේෂණ ද්‍රව්‍යයන් ලබාදීම ප්‍රධානතම අරමුණ වන්නා වූ මෙම ව්‍යාපෘතිය සඳහා 2016 සහ 2017 වර්ෂයන්හි අත්සන් තබන ලද සහයෝගිතා ගිවිසුම් වලට පසුව මෙම වසරේ දී වැඩිදුරටත් පහසුකම් සැලසීමට ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනම බලාපොරොත්තු වේ. අනුබද්ධිත විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රීය සුදුසුකම් ලබා ගැනීම දක්වා දිවෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ වන ශාස්ත්‍රීය පාඨමාලා කිහිපයක් ද මෙම ආයතනය මගින් මෙහෙයවනු ඇත.

 

කථානායක ගරු කරු ජයසූරිය මහතා, පාර්ලිමේන්තුවේ මහ‌ලේකම් ධම්මික දසනායක මහතා සහ ෆ්‍රෙඩ්රික් නවුමාන් පදනමේ මෙරට නියෝජිත සාගරිකා දෙල්ගොඩ මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි